(සුජිත් හේවාජුලිගේ)
පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය, භාෂාව සාහිත්‍ය හෝ වෙනත් කිසිඳු විෂයක් ඉවත් කර නැතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය හා භාෂාව ඉවත් කර ඇතැයි ඇතැම් දේශපාලනඥයින් ගෙන යන බොරු ප්‍රචාර හෙළා දකින බවද ඇමැතිවරයා කීවේය.
විෂය නිර්දේශ සකස් කරන්නේ දේශපාලනඥයින් නොව අධ්‍යාපන විශේෂඥයින් යැයි කී ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ බොරු ප්‍රචාර යවමින් අධ්‍යාපනය සමඟ සෙල්ලම් නොකරන්නැයි දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි.