(නිමල කොඩිතුවක්කු)
රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරිම සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය නිළධාරි මණ්ඩලය පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බවද ඔහු සඳහන් කරයි.
රජයේ පාසල් ඇතුළු සියලූම පාසල්වල ඉගෙනුම් හා ඉගැන්වීම් ක‍්‍රියාදාමයට අමතරව භෞතික සම්පත් පිළිබඳවත් මේ මගින් නියාමනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ගුරුවරුන්ගේ ප‍්‍රමිතිය, දරුවන්ට අවශ්‍ය මූලික පහසුකම් සපයා දීම, අවශ්‍ය ඉඩ ප‍්‍රමාණය සම්බන්ධයෙන් මෙහිදී මූලික අවධානය යොමු කිරීමට නියමිතය.
මෙයට අමතරව අසාමාන්‍ය ලෙස මුදල් අයකරන පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.