සාපරාධී අපරාධකරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා ලැබුණොත් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) ජනපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ ගාලු නගර සභා ශාලාවේ පැවැති ජාතික වැඩසටහනට එක්වෙමින් පැවසීය.
‘කොටදෙණියාවේ දැරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමෙන් පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් රැසක් ලැබුණා. ඊට පෙරත් එවැනි ඉල්ලීම් ලැබුණා. බොහෝ දියුණු රටවලත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා.‘ යැයි ජනපති කීවේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





