පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාවට නැංවීමේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීමට හා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ඉටුවිය යුතු සේවා කඩිනමින් ඉටු කිරීමට තමන් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
‘පසුගිය දින 100 මට මේ අමාත්‍යංශයට එන්න හැකිවුණේ නැහැ. දින 100 වැඩපිළිවෙළ හා මැතිවරණය නිසා අපි බොහෝ සේ කාර්ය බහුල වුණා. දැන් මෙම අමාත්‍යංශය විශේෂ එකක්. සේවකයන් ලෙස මා සමග සුහදව වැඩකළ හැකියි. ඔබට ඕනෑම මොහොතක මා සමග සාකච්ඡා කරන්න පුළුවන්. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මැති ඇමැතිවරුන්ගේ පහසුකම් සපයන ආයතනයක් සේම පාර්ලිමේන්තුවේ රජය සිදුකිරීමට දරන වෙනස වෙනුවෙන් මනා දායකත්වයක් සපයන ආයකනයක් බවට පත්විය යුතුයි‘ යැයිද එහි සේවකයන් හමුවූ අමාත්‍යවරයා සඳහන් කළේය.
ඡායාරූප - ශාන්ත රත්නායක




