පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය කල්දමා ගැනීමේ හැකියාවක් නොමැති බව කාදිනල් මැල්කම් රංජිත් රදගුරුතුමෝ කියති.
පාප්වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කළේ ලංකා කතෝලික සභාවම බව පැවසූ අගරදගුරුවරයා එනිසාවෙන්ම සංචාරය අවලංගු කරන්නැයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටීමට කතෝලික සභාවට හැකියාවක් නැති බව පෙන්වා දුන්නේය.
මේ සියලූ ගැටලූ මතුව ඇත්තේ උන්වහන්සේගේ ලංකාගමනය සිදුවීමට පෙර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීමට සැළසුම් කර තිබෙන නිසා යැයි සඳහන් කළ එතුමා පාප්වහන්සේගේ ලංකාගමනය කතෝලික සභාව සැළසුම් කළේ ජනාධිපතිවරණයක් ගැන රාවයක්වත් නොතිබූ කාලයක බව කීය.
පාප්වහන්සේ පැමිණෙන හෙයින් ඡන්ද විමසීමෙන් පසු රටේ සාමකාමී වාතාවරණයක් පවත්වාගත යුතුවීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රධාන අපේක්ෂකයින් දෙපළම හා සාකච්ඡා කළ බව පැවසූ අගරදගුරුවරයා කවුරුන් ජයග්‍රහණය කළද ජනපතිවරණය අවසානයේ රටේ සාමකාමී පරිසරයක් පවත්වාගැනීමට කටයුතු කරන බවට ඔවුන් දෙදෙනම ප්‍රතිඥා දුන් බවද පැවසීය.
මේ සම්බන්ධයෙන් වතිකානයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගරදගුරුවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව හා වතිකානය අතර පැවැත්වුණු සාකච්ඡාවට කිහිපයක් අවසානයේ සැළසුම් කරගත් පරිදිම පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදුකිරීමට ඔවුන් තීරණය කළ බවයි.

