‘පාඩුව පිරිමහින්න බෑ - දෙමළ සංස්කෘතියට මරු පහරක්‘


ඓතිහාසික වටිනාකමකින් යුත් යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා විනාශ කිරීම දෙමළ සංස්කෘතිය විනාශ කිරීමක් ලෙසට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා කීවේය. යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා විනාශ කොට ඉරිදාට (31) දිනට වසර 34ක් ගෙවෙන අවස්ථාවේදි ඒ පිළිබඳව එදා පුස්තකාලයට ගිනි තැබීමේ සිදුවීම කාලවකවානුවේදී සිටි නිලධාරියෙකු වශයෙන් අත්දැකීම් පිළිබඳව විමසීමේදී පළාත් සභා සභාපතිවරයා මේ බව පැවසීය.

1981 මැයි මස 31 වනදා රාත‍්‍රියේ යාපනය මහජන පුස්තකාලයට ගිනි තැබුණු අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ වෙනත් මහජන පුස්තකාලවලට මෙන්ම ලොව කිසිදු පුස්තකාලයක දක්නට නොලැබෙන ඉතා වටිනා ග‍්‍රන්ථ සමූහයක් එහි තිබූ බවත් ලක් ඉතිහාසය විදහා දැක්වෙන හා දෙමළ ජනතාවගේ සම්පූර්ණ වංශ කතාවන් විදහා දැක්වූ ග‍්‍රන්ථ වලින්ද යුක්ත වූ යාපනය පුස්තකාලය එදා ගිනි තැබීමෙන් සිදු වූ හානිය කියා නිම කළ නොහැකි බවත් ඔහු කීවේය.

පසුගියදා ඉන්දීය අගමැති මෝදි යාපනයේ සංචාරයේදී මහජන පුස්තකාලයට පැමිණ එදා යාපනය පුස්තකාලයට ගිනි තැබීමෙන් දෙමළ ජනතාවගේ සංස්කෘතිය වැලලී ගිය බව පැවසූ බවත් ඔහු සඳහන් කළේය.