‘පාඨලීගේ මූණටම කියන්න‘


 ‘කියන්න තියෙන දේ මුහුණටම කියන්න.අහන්න තියෙන දේ මුහුණටම අහන්න’ තේමාව යටතේ පැවැත්වෙන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මුහුණට මුහුණ අභියෝගය කොළඹ විහාර මහා දේවී උද්‍යාන එළිමහන් රංග පීඨය අසල දී අද (14) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

මෙහි දී තමාගෙන්  ඕනෑම අයකු නගන ප‍්‍රශ්නයකට, වෝදනාවකට පිළිතුරු දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සූදානමින් සිටී.

එම ස්ථානයට පැමිණ හෝ 072 7527527 දුරකථන අංකය ඔස්සේ කෙටි පණිවුඩ, වයිබර් සහ වට්ස් ඇප් ඔස්සේ හෙට පස්වරු 5.00 සිට ප‍්‍රශ්න යොමු කළ හැකි අතර ස්කයි ඔස්සේ ද ප‍්‍රශ්න යොමු කළ හැකි බව ඇමැතිවරයා කියයි.

පාඨලී චම්පික රණවක මහතාගේ නිල ෆේස් බුක් අඩවියෙන්, ට්විටර් ජාලයෙන් සහ ගූගල් ප්ලස්, යූ ටියුබ් හෝ ලින්ක්ඩ් ඉන් සමාජ ජාලා වලින් මෙය සජීවීව නැරඹීමේ සහ ප‍්‍රශ්න ඇසීමේ හැකියාව තිබෙන බව ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.