අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් අධිකරණයේ ප්‍රශ්න අවසන් නොවන බවත්, අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් ඇයට රැකියාව පමණක් අහිමි වන බවත්, එහෙත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු මූලික අයිතිවාසිකම් අහිමි වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍ර ධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
‘ආණ්ඩුවේ සපත්තුවට අධිකරණය යට කරගෙන තිබෙනවා. ජනපතිගේ ක්‍රියාකලාපය ධනවාදී සමාජයකටත් සතුරුයි. අද තත්ත්වය නම් පාර්ලිමේන්තුව අධිකරණය නොපිළිගැනීමයි. නීතිය වල් වැදී තිබෙනවා. පොලීසිය ඉදිරිපිටදීම මැරයන් පොළු රැගෙන අලුත්කඩේ උසාවිය ළඟට ආවා. ආණ්ඩුව අද කර ඇත්තේ ආචාරියාට වූ දේයි. එකක් කඩතොළු මකා ගන්නට ගිහින් කඩතොළු දහයක් පහළොවක් හදාගත් ආචාරියා සේ ආණ්ඩුව වැඩ කරනවා. අධිකරණයේ බලය රජය අතට ගැනීම ප්‍රශ්නයේ නිමාව නෙමේ. ප්‍රශ්නයේ ආරම්භයයි. ‘

