(රංජිත් රාජපක්ෂ)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවන චරිතය අලලා නිපදවන ලද ඉන්දීය දෙමළ චිත්‍රපටයක් අන්තර්ජාලයෙන් භාගත කර අළෙවි කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු නුවරඑළිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම් පොළේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ ඔහුගේ සහායකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන සැකකරුට අයත් නුවරඑළිය කාර්ගිල්ස් ගොඩනැගිලි සංකීර්ණයේ පිහිටි වෙළෙඳ සළකද මේ ආකාරයටම අදාළ චිත්‍රපටය රුපියල් 50.00 ක මුදලක් ගෙන පෙන් ඩ්‍රයිව්වලට දමා දෙන බවට තොරතුරු හෙළිව ඇත.
සැකකරුවන් දෙදෙනා නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
මහජන ආරක්ෂාවට හානිවන වීඩියෝ ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ සැකකරුවන් දෙදෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

