ප්‍රභාකරන්, පොට්ටුඅම්මාන් වැනි අය මිය ගියා කියා ඔවුන්ට අරමුදල්, අවි සැපයූ අයට, වාහන, උපදේශන සැපයූ අයට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අයට වැරදිවලින් ගැලවීමක් නෑ යැයි මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (24) බත්තරමුල්ල ජාතික හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
යුද අපරාධ පිළිබඳ නීතිය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ක්‍රියාත්මක වූ බවත් මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තරයට දුන් පොරොන්දු අනුව ශ්‍රී ලංකාව එල්.එල්.ආර්.සී වාර්තාව වැනි වාර්තා ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.


