ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.
තමා පොදු අපේක්ෂකයකු ලෙස ඉකුත් ජනපතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර දේශපාලන පක්ෂ හා සංවිධාන 49ක් තමා ජනාධිපති බවට පත්වුවහොත් පවරා ගන්නා අමාත්‍යංශ මොනවාද යන්න විමසූ පසු මුදල් අමාත්‍යංශය හෝ වෙළඳ අමාත්‍යංශය වැනි ප්‍රබල අමාත්‍යංශ වෙනුවට පරිසර අමාත්‍යංශය තෝරාගැනීමට කැමති බව සඳහන් කළේ දේශපාලකයන් වැඩි බල පුළුවන් කාරකමකින් විනාශ කරන පරිසරය ආරක්ෂා කරගැනීමට යැයි ජනපතිවරයා එහිදී කීවේය.
මහින්ද සමරසිංහ, මොහාන් ලාල් ග්‍රේරු, රුවන් විජයවර්ධන, ඉන්දික බණ්ඩාරනායක යන මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.





