‘පළාත් සභාවේ බහුතරය මා සමඟයි‘ - ප්‍රසන්න


බස්නාහිර පළාත් සභාවේ බහුතරය සිටින්නේ තමන් සමඟ යැයි මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

පළාත් සභාවේ සන්ධානයට සහාය දක්වන මන්ත්‍රීන් 61 දෙනකු සිටින බවත්, ඉන් පනස් ගණනක්ම තමන් සමඟ සිටින බවත්, තමාට එරෙහි මාධ්‍ය හමුවට ගොස් ඇත්තේ මන්ත්‍රීන් 10ක් පමණක් බවත් රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ බවත්, පක්ෂය නොකැඩී ශක්තිමත් කිරීම පක්ෂයේ සභාපති වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීමක් බවත් ඔහු සඳහන් කළේය.

පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කීවේ ජනපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ බවයි.

DSC_0152 DSC_0153 DSC_0168 DSC_0170 DSC_0180 DSC_0180small DSC_0187 DSC_0193 DSC_0194 DSC_0198 DSC_0208 DSC_0214 DSC_0215