(යොහාන් භාසුර)
පළාත් පළාන ආයතනවල සභිකයන් වහාම විසුරුවා හැර එම පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස්වරු යටතට පත්කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
රට මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ අති විශාල පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව බරක් බව කී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති ධම්මික මුතුගල මහතා පැවසුවේ නව පළාත් පාලන ඡන්ද ක්‍රමය යටතේ සභික සංඛ්‍යාව දෙගුණ වී ඇති බවත්ය.
සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී මේ වන විට වසරකින් දීර්ඝ කර ඇති බවත් එම දීර්ඝ කිරීම ආර්ථිකයට දරාගත හැකි තීරණයක් නොවන බවත් මුතුගල මහතා කීය.
ඇතැම් මහ නගර සභාවල නගරාධිපතිවරුන්ගේ මාසික වියදම රුපියල් මිලියනය ඉක්මවා ඇති බව කී මුතුගල මහතා රජයේ වියදම් අඩු කිරීමට නම් අනිවාර්යෙන් මෙවැනි අනවශ්‍ය වියදම් කපාහැරිය යුතු බවත්ය.