බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රකාශයට පත් කොට තිබිය දී මහජන දේපොළ අයථා පරිහරණය කිරීමේ අවස්ථා කිහිපයක් වාර්තා වූ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.
මැතිවරණ කොමසාරිස්ට ලිපියන් යවමින් කැෆේ සංවිධානය කියනුයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගෙන ඇති බවයි.
අම්බලන්ගොඩ, කොළඹ, කොටිකාවත්ත සහ පන්නිපිටිය පාසල් කිහිපයක ඡන්ද අපේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන් පවත්වා ඇති බව කියන කැෆේ සංවිධානය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්පත් අයථා පරිහරණය වැලැක්වීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මැතිවරණ කොමාසාරිස්ගෙන් ඉල්ලයි.

