‘පළාත් ඇමැතිගෙ කථාව හරි භයානකයි‘


මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල් ගසා මරා දමන බවට දකුණු පළාත් සභා අමාත්‍ය ඩී. වී. උපුල් කළ ප්‍රකාශය ඉතා බරපතල එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා එසැණට පැවසිය.

‘මෙය පොලිසියට කළ තර්ජනයක්. දේශපාලකයන් විදියට ජනතාවට ආමන්ත්‍රණය කිරීමේදී බුද්ධිමත් විය යුතුයි. මේ පිළිබඳව පොලිස්පති උපදෙස් ගැනීමට බලාපොරොත්තු වෙනවා‘