පොලිස් නිලධාරීන් ගල් ගසා මරා දමන බවට තර්ජනය කිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බවත්, වැරදි කරු වුවහොත් වසර හතක් හිරේට හැවිය හැකි වරදක් බවත් විදුලිබල රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
පළාත් ඇමැතිවරයකු ලෙස ඩී වී උපුල් ජනතාවට වග කිව යුතු බවත්, මෙවැනි ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක් බවත් ඔහු කීවේය.
නියෝජ්‍ය අැමැති රංජන් රාමනායක මහතා ද මාධ්‍ය හමුවට සහභාගී විය.



