‘පසුගිය කාලේ ව්‍යාපෘති කළේ ඉහළ පැලැන්තියටයි‘


පසුගිය කාලේ නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය හිත හොඳින් කළ ව්‍යාපෘතියක් නමුත් එය අසාර්ථක බවට පත්ව ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ප්‍රමුඛතාවය හඳුනා කටයුතු නොකිරීම මහජන අදහස් නොවිමසීම නිසා එවැනි තත්ත්වයක් ඇතිවූ බවද කී ඇමැතිවරයා පසුගිය කාලේ සිදුකළ ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ට්, තුරඟ තරග පිටිය, පරණ ඕලන්ද කොටුව වැනි ව්‍යාපෘති ඉහළ පැලැන්තිය බලාගෙන සිදුකළ ඒවා බවත් කීවේය.

Patali_20151028GLA_8041