අපිට අතීතය දෙස බැලූවිට දවසින් දවස රට අශීලාචාරවන බවත් මෙය වළක්වාගැනීමේ අවශ්‍යතාවය මත ජනතා විමුක්ති පෙරමුණට එකතුවූ බවත් රාජ්‍ය මූල්‍ය විනාශවීම වැනි දූෂණ වංචා සිදුවූ පාලකයින්ට එරෙහිව හඬක් නැගීමට ඉදිරියට පැමිණි බව හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතා එම පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම සඳහා අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
පසුගිය වසර 25ක කාලය තුළ පංචශීලය රැකි දේශපාලන පක්ෂයක් ඇත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ බව එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔවුහු කීහ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සමග එහි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂිත ජ්‍යෙෂ්ඨ නීතිඥ අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය, මහාචාර්ය පියදාස රණසිංහ , එස්.එෆ්. හිස්බි මව්ලානා, සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ, ආචාර්ය ජනක් කුමාරසිංහ යන පිරිස එක්ව සිටියහ.

