ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) මාතර ගොඩගම දී ප්‍රකාශ කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට කොටසට මුල් ගල තැබීමේ උත්සවයේ දී ඔහු මේ බව කීවේය.
මම දේශපාලනයට හදිසියේ කඩා පාත් වූ කෙනෙක් නොවේ. මට වසර 49 ක දේශාපලන අත්දැකීම් තියෙනවා. පක්ෂයේ තීන්දු තීරණවලදී ජනවාරි 8 වැනි දා වූ පරිවර්තනයට කිසිදු හානියක් වීමට ඉඩ තබන්නේ නෑ. එය මා ආරක්ෂා කරනවා. මේ රටේ සියලු දෙනාට යුක්තිය සහ සාධාරණය ඉටුකරමින් දූෂණයෙන් තක්කඩිකමින් හා පවුල් පාලනයෙන් තොර යහපනයක් ඇතිකරනවා.

