(නිමල කොඩිතුවක්කු)
පළාත් පාළන ක්ෂේත‍්‍රය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ උත්සාහයක වත්මන් ආණ්ඩුව නිරත වෙමින් සිටින බව සමස්ථ ලංකා පළාත් පාළන සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා කොළඹදී අද(12) පැවසීය.
පලාත් පාළන ආයතන වලට හිමි ප‍්‍රතිපාදන කප්පාදු කිරීමට ප‍්‍රධාන අමාත්‍යවරුන් කටයුතු කරමින් සිටන බවත් එම තීරණ වහා හකුලා නොගතහොත් මහ ඇමතිවරුන්ගේ කාර්යාල වටලා ඔවුන්ව නිවාස අඩස්සියට ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ථ ලංකා පළාත් පාළන සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා මෙසේද කීවේය.
‘‘ ජනවාරි 08 වනදා පත්වූ මේ ආණ්ඩුව බළයට පත්වුනේ මහින්ද රාජපක්ෂ පාලනයට චෝදානා කරමින්. මහින්ද රාජපක්ෂ පාළන සමයේදි මේ රටේ සංවර්ධනයක් නැහැ, මේ රට දවසින් දවස චීන කොළනියක් වන බවට ඔවුන් එදා පැවසුවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ මැති ඇමතිවරුන්ට හොරු කියා චෝදනා කලා. එහෙම කියළා මේ අය බළයට පත්වුනේ රටේ වෙනසක් කරන බව පවසමින්.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාළයේ රටේ මහජනතාව තුළ, කම්කරුවා තුළ මුදල් සංසරණය වුණා. ඒ යුගයේදි මේ රටේ දැවැන්ත ව්‍යාපෘති, කර්මාන්ත ක‍්‍රියාත්මක වුනා. ජනවාරි 08 වනදාට කලින් මේ රට එකම වැඩබිමක් විදියට තමයි තිබුණේ.
එහෙම තිබිච්ච ආණ්ඩුවක් තමයි විදේශ බළවේග එක්ක එකතු වෙලා මේ අය පරාජය කරන්නේ. රට වෙනස් කරන්න, රට සංවර්ධනය කරන්න පුලූවන් කියලා ආපු යහපාලන ආණ්ඩුව අද කිසි දෙයක් කර කියා ගන්න බැරුව ඉන්නවා. අද දුම්රිය සේවකයන් පාරට බැහැලා තියෙනවා. මේ අය මාසෙකට ඉල්ලන්නේ රුපියල් 350ක වැනි සොච්චම් මුදලක් පමණයි. රට පුරා වර්ජන කරද්දි විෂය භාර අමාත්‍යවරයි නිදි. පාළකයන් නිදි කථා කරන්නේ නැහැ. අද රටේ ප‍්‍රශ්ණ වලට ජනාධිපති, අගමැති මැදිහත් වෙන්නේ නැහැ.‘