පරිසර දූෂණයකදී වැරැදිකරුවන්ගෙන් ලොකු දඩ මුදලක් අය කැරෙන පරිදි නව පරිසර නීති සම්පාදනය කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
විශාල වශයෙන් සිදුවන පරිසර දූෂණ ක්‍රියා හමුවේ හානියට සරිලන තරමේ අයකිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් මෙම තීරණය ගත් බව එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි කියයි.
දූෂකයා විසින් හානිපූර්ණය කරනු ලැබීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම නව නීති සම්පාදන සිදුවන බව කී හෙතෙම මේ වනවිටත් එහි මූලික කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් කරයි.

