‘පරිසරය විනාශ කළේ දේශපාලනඥයින්ගේ ආශිර්වාදයෙන්‘


"පසුගිය වසර කීපය තුළ මෙරට පරිසරය විනාශ  කිරිම සිදු කළේ දේශපාලනඥයින්ගේ ආශිර්වාද උඩයි. තමන්ගේ පුද්ගලික ආර්ථිත වාසි බලාගෙන නොයෙකුත් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කටයුතු කළේ හිත් පිත් නැති මිනිසුන් ලෙස‘‘ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20) කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ දී වරලත් පරිසර වෘත්තියවේදීන්ගේ ආයතනයේ සැසිවාරයට සහභාගි වෙමින් පැවසුවේය.

පරිසරය විනාශ කිරිමට දායක වන ඕනෑම පුරවැසියකුට තරාතිරම නොබලා නීතියට අනුව දැඩි දඩුවම් දීමට අවශ්‍ය අංශ වලට උපදෙස් දී ඇති බව සිරිසේන මහතා කීවේය.

එහි සභාපති රමණි ඇල්ලෙහෙළ , හිටපු සභාපති වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු එම ආයතනයේ සාමාජික සමාජිකාවෝ රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

01548 - Copy RDS_2584 RDS_2658 RDS_2661 RDS_2690 RDS_2705 RDS_2564365 RDS_27103655

ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක ද සිල්වා