පරිසර හිතකාමීව රට සංවර්ධනය කළ හැකි අධිෂ්ඨානශීලී දේශපාලන නායකත්වයක් බිහිකරගැනීමට රටේ ජනතාව සිතිය යුතු කාලය එළැඹ ඇතැයි පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව අද (5) සංවිධානය කළ ලෝක පරිසර දින සැමරුමට එක්වෙමින් එහි සභාපති අතුරලියේ රතන හිමියෝ කීහ.
මත් ද්‍රව්‍ය හා කෘෂි රසායනික විස වර්ග තහනම් කිරීමේ සම්මුතියක් ලෝක මට්ටමින් සම්මත කරගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය ගත යුතු බවද රතන හිමියෝ පැවසූහ.
පසුගිය රජය අධිවේග මාර්ග හැදූ මුදල්වලින් දුම්රිය මාර්ග හැදුවේ නම් රටේ පොදු ජනතාවගේ ප්‍රවාහන ප්‍රශ්නය සෑහෙන දුරට විසඳෙනු ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක





