(දයාරත්න ඇඹෝගම)
දේශපාලන පලිගැනීම් මුවාවෙන් සේවා ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් අධ්‍යාපන පරිපාලන සේවය , ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා 1014 දෙනකුට පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය නම්කර ඇති ලේඛනයේ උතුරු මැද පළාතට පත්වීම් 113 ලැබී ඇති බවත් ඉන් 23 දෙනකු සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවන් බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
හෙතෙම මේ බව සදහන් කළේ අද (16) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඒ අතුරින් තවත් 16 දෙනෙකු මුදල් වංචා සහ විනය චෝදනාවන්ට ලක් වුවන් බවත් සිව් දෙනෙකු ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් බවත් 82 දෙදෙනකු ස්ථාන මාරුවීම් පලිගැනීම් සේ සළකා සුදුස්සන් බවට පත්වුවන් බවත් හෙතෙම සඳහන් කරයි.
වසර 15-20 වැනි කාලයක් එකම පාසලක සේවය කර ස්ථාන මාරුවීම් ලැබුවන් දේශපාලන පලිගැනීමට ලක් වුවන් සේ සළකන්නේ කෙසේද යැයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා බලධාරීන් ගෙන් ප්‍රශ්න කර සිටියි.
පසුගිය රජය සමයේ ද මෙවැනිම වැරදි සිදුවු බවත් හෙතෙම අවධාරණය කර සිටී.
අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් මෙම 26 වැනි දා පෙරවරු 10 යළිත් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.