මෑත ඉතිහාසයේ පැවැති ප්‍රශස්තම මැතිවරණය ලෙස පසුගිය මැතිවරණය ඉතිහාසයට එක් වන නමුත් පරාජිතයන් පත් කිරීම ප්‍රසස්ථ බවට ලොකුම කැළලකියි පැෆරල් සංවිධානය කියයි.
ජනතාව ප්‍රතික්ෂේප කළපිරිස් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්නේ නම් මැතිවරණ කුමකට දැයි ජනතාව අතර සංවාදයක් මතුව ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
කෙසේ වෙතත් සමහර අපේක්ෂකයන් පරාජය වූයේ නුසුදුස්සන් නිසාමදැයි විමසිය යුතුව ඇති බවත් ඔහු කීවේය.

