‘පරාජිතයන් ගැනීම මහින්දට තවත් ප්‍රහාරයක්ලු’


යහපාලනයට  සහය දීම හේතුවෙන්  මහ මැතිවරණයේදී  පරාජය  පත්වු  එක්ස්ත් ජනතා නිදහස්  සන්ධාන මැතිවරණ අපේක්ෂකයින්  නැවත ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තුවට  ගැනීම මහින්ද රාජපක්ෂ කල්ලි  සංස්කෘතියට  එල්ල කළ තුන්වැනි  ප්‍රහාරය යැයි  ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ  කථිකාර්චාර්ය දඹර  අමිල හිමියෝ  කොළඹ දී  අද (25) පෙරවරුවේ  ප්‍රකාශ කළහ.

පරාජයට පත්වු  යහපාලන සම්මුතිවාදයට  අනුගත එජනිස මැතිවරණ අපේක්ෂයන්  ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තුවට  ගත්ත ද ඔවුන්  අතර  දුෂිතයන්  සීටි නම්  ඔවුනට  ජාතික ලැයිස්තු  මන්ත්‍රී  ධුර  නොදිය යුතු යැයි  ද උන්වහන්සේ  ප්‍රකාශ  කළහ.

දඹර  අමිල හිමි මෙසේ  සඳහන්  කළේ “යහපාලනය සඳහා  වු භික්ෂු  සංසදය” කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ  දී අද (25) පෙරවරුවේ  පැවැත්වු  ප්‍රවෘත්ති සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

1_150825 2_150825 3_150825