‘මාතලේ පනින මිත්තගේ ගෙඹි ගඳ දැනී මහජනයා එදා නාවුලදී හූ කියන්න ඇති. නන්දිමිත්‍ර කීපාරක් ඒ පැත්තට මේ පැත්තට පැනලා තියෙනවාද? හූ කියන්න ඇත්තේ ඒ බව දන්නා අයයි. ඔහුට හූ කිව්වේ මමත් අරක්කු දීලා යැයි ඔහු කියනවා.‘ යැයි මාතලේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී සන්ධාන අපේක්ෂක රෝහණ දිසානායක මහතා පැවසීය.
‘ ඒ රැස්වීමට ආපු 30,000කට අරක්කු දෙන්න කොතරම් මුදලක් යයිද? ඒ රැස්වීමේ වැඩිය හිටියෙත් කාන්තාවෝ. හූවට එහා ගිය සංග්‍රහයක් දෙන්න මාතලේ අය බලාගෙන ඉන්නවා ඉලපත් අරගෙන. පුළුවන්නම් ඡන්ද 5,000ක් අරන් පෙන්වන ලෙස මම අභියෝග කරනවා.‘

