‘හෙම්මාතගම පොදු වැසිකිළිය උතුරා යන බව පත්තරේ දැම්මොත් හදන්නේ නැහැ. වැසිකිළිය උතුරා යන බව කී අයගේ නම් ටික මට දෙන්න. හවසට හම්බවෙලා දෙකක් කියන්න තියනවා. මම කරන්නේ මට ඕනෑ දේ. එක එක එවුන් කියන විදියට වැඩ කරන්න සූදානම් නෑ.‘ මාවනැල්ල ප්‍රාදේශීය සභාපති පී පී වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ නගරයේ පොලිසිය සමීපයේ පිහිටි වැසිකිළිය උතුරා යෑමට පිළියම් යොදන්නේදැයි ඇසූ අවස්ථාවේ දී ය.
මෙම වැසිකිළිය දවස් පහකට වරක් උතුරා යන බවත්, වසර හයකට පෙර ඉදිකළ මෙම වැසිකිළියේ වළ අඩි හතරක් පමණ බවත්, එය පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් බවත් නගර වැසියෝ කියති.