‘පච්ච කත පිටුවහල් කිරීම වැරදියි‘


වම් බාහුවේ ඉහළ බුදු රුවක් සහිත පච්චයක් කොටා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව පිටුවහල් කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයාට කිසිදු බලයක් නොමැති බව නීතිපති අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා එලෙස දැනුම් දුන්නේ බ්‍රිතාන්‍ය ජාතික හෙදියගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ය.