‘පගා නැත්නම් රැකියා නැතිලු’


‘රාජපක්ෂ රජය  බිහිකිරීමට  ඇප කැප වී කටයුතු  කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  සාමාජික සාමාජිකාවන්ටත්  අද පගාව දී  රැකියා ලබා ගැනීමට සිදු වී තිබෙනවා.බැංකු රැකියාවක් රුපියල් ලක්ෂ පහයි,දකුණු කොරියාවට යාමට ලක්ෂ පහයි.මැදපෙරදිග රුපියල් ලක්ෂ තුනයි. අද රජය රැකියා වෙළදාමේ යෙදී සිටිනවා.

 විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගලගෙදර  ගිරිහාගම දී එසේ කීවේය.

 ‘අව්වැසි නොතකා කඳුහෙල් නඟිමින් රාජපක්ෂ රජය බිහි කිරීමට  කටයුතු කළේ මුදලට රැකියා ලබා ගැනීමටදැයි  තරුණ තරුණියන් අපගෙන් විමසනවා’