‘පක්ෂය හඳුනාගන්න පක්ෂ මූලස්ථානයට එන්න‘


‘රට දිනවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් පෙරටම‘ යන තේමාව යටතේ සංවිධානය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද (22) පැවැත්විණි.

‘අද පාර්ලිමේන්තුවේ ඉන්න 2010 පාර්ලිමේන්තුවට ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 127 ක් ඉන්නවා. ඒ සියලු දෙනා අද වෙනකන් මෙතැනට ඇවිල්ලා නෑ මම දන්න විදියට. පක්ෂ මූලස්ථානය එක්ක වැඩ කරන්නේ නැත්නම් ඒක දකින්නේ නැත්නම් පක්ෂය හඳුනාගන්න පුළුවන්කමක් නෑ‘ යනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවසීය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඇමැති ඒ.එච්.එම්.ෆවුසි, ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

RDS_2995 RDS_3054 RDS_3063 RDS_3078