‘පක්ෂය දෙකඩ කරන්නේ ශ්‍රීලනිපයේම හිටපු නායිකාවයි‘ - ඩලස්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය විනාශ කිරීමේ සහ දෙකඩ කරන්නේ වෙන කෙනෙක් නොව පක්ෂයේම හිටපු නායිකාව වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බව කනගාටුවෙන් වුවත් කියන්න වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (15) නාරාහේන්පිට අභයාරාමයේදී පැවසීය.

ඇය පක්ෂය විනාශ කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළඹී සිටින බවත් ඇයව නිරුවතින් පාරේ ඇවිද්දවිය යුතුයි කියූ අයත් එක්ක වුවද එකට එකතුවී පක්ෂය දෙකඩ කිරීමට පවා ඇය සූදානම් බවත් මන්ත්‍රීවරයා කීවේය.

වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන පිරිසද එම සාකච්ඡාවට එක්ව සිටියහ.

RDS_2314 RDS_2329 RDS_2349

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා