‘ජනාධිපතිතුමනි, ඔබතුමාට ඇත්තම කියන්න ඕනෑ. මම නම් ‘ඕ‘ ලෙවල්වලට ‘ඩී‘ අටක් ගත්තේ නැහැ. ‘එෆ්‘ (අසමත්) එකකුත් තිබුණා. ජීවිතය කියන්නේ ‘ඩී‘ අටම නොවෙයි.‘ යි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ කොටහේන සාන්ත බෙනඩික් විදුහලේ 150 වැනි සංවත්සර උත්සවයේ දී පැවසූහ.
‘අද උගත් නෝනාවරුන් මහත්වරුන් ඉන්නවා. නමුත් අශීලාචාරයි. එතරම් උගත් නැති අය ඉන්නවා. ශීලාචාරයි. අපි ඔළුව වගේම හදවතත් පෝෂණය කර ගත යුතුයි.‘ යි ද කාදිනල්තුමෝ කීහ.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනපති මෙසේ කීවේය.
‘එදා අපි පාසලට ගියේ සැතපුම් පහක් හයක් පයින්. ෆුට් බයිසිකලයක් ගන්නවත් අපේ මවුපියන්ට මුදල් තිබුණේ නෑ. එදා පාරවල්වල බස් තියා මෝටර් සයිකලයක්වත් දකින්න තිබුණේ නැහැ. ඒත් අද ළමයින්ට ඕන තරම් පහසුකම් තියෙනවා.‘

