‘නීතිය සැමට‘ මුලින්ම කොළඹට


එදිනෙදා මතුවන නීතිමය ගැටලු පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණු ඇතිව අධිකරණ අමාත්‍යංශය මගින් නීතිය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අරඹා ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.

‘නීතිය සැමට‘ යන තේමාවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇරඹීමට පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසීය.