‘නීතිපති හරියට වැඩ කරන්නේ නෑ‘


රාජපක්ෂ පාලන සමයේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නීතිපතිවරයා වර්තමානයේ එය නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමුවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ජනවාරි 8 හා අගෝස්තු 17 පැවැති මැතිවරණවලින් ජය ලබා බලයට පත්වූ යහපාලන රජය ඒ අනුව වර්තමානයේ ක්‍රියා නොකිරීම ගැන ජනතාව බලවත් කලකිරීමට පත්ව ඇතැයිද ඒ මහතා කීවේය.

බත්තරමුල්ල පැලවත්ත පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ෆොන්සේකා මහතා යුද්ධය කළේ තමන් බව කියමින් ඇතැමුන් පසුගිය කාලයේ අර වෝර් මේ වෝර් නමින් පොත් ලියූ බවත් එම යුද්ධයේ සැබෑ තතු හෙළිකරමින් ඉදිරියේදී තමන්ද පොතක් ප්‍රකාශයට පත් කරන බවයි.

webFonseka_2015101412