රජයට ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන වන රේගු, ආදායම් බදු හා සුරාබදු දෙපාර්තමේන්ත ආදිය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කිසිවිටෙක පෙනී නොසිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (21) කොළඹ නව නගර ශාලාවේ පැවැති රැස්වීමකදී පැවසීය.
සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 64 වැනි සංවත්සරය කොළඹ නව නගර ශාලාවේදී අමතමින් ජනපති මෙසේද කීවේය.
‘නීති විරෝධී මෙන්ම නීත්‍යනුකූල මත්පැන් අලෙවි බලපත්‍ර මගින් අලෙවි කරන මත්පැන්වලින්ද මිනිසුන්ට සිදුවන්නේ හානියක් පමණයි.‘
ඉදිරි කාලයේ රාජ්‍ය ආදායම් සැකසීමේදී සුරාබදු ආදායම නොමැතිව මෙරට ආදායම සකස් කරගැනීම තමාගේ අරමුණ බවද ජනපති අවධාරණය කළේය.







