කොළඹ නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නීති විරෝධී ලෙස සිසුන් ඇතුළත් කරගනිතියි විරෝධය පළකරමින් සිංහල රාවය සංවිධානය හා නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව අලුත්කඩේ නීති විදුහල ඉදිරිපිට අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
උද්ඝෝෂකයන් පිරිසක් එහි විදුහලට ඇතුළු වීමට උත්සාහ කළහ. එහි දොරටු ද වසා දැමිණි.
සිංහල රාවය සංවිධානයේ ජාතික සංවිධායක පුහුලියද්දේ සුධම්ම හිමි හා නිතී ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රංසි බාචා නීති විදුහල්පතිට සංදේශයක් බාර දුන්හ.

