(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා නම් හිටපු නායකයින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන්ට කළ තර්ජනය ගැන සමාව අයැද ඒ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නැයි තමා දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා නිව්යෝක් ටයිම්ස් සිද්ධිය ගැන ප්‍රකාශයක් මතු කළ අවස්ථාවේදීය.
අගමැතිවරයා මෙසේද කීය.
එදා මාධ්‍යවේදීන්ට කරපු දේවල් අපි දැක්කා. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළා.පරණ පුරුදු දැන් යළිත් මතුවෙලා තියෙනවා. නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදීන්ට කළ තර්ජන ඉල්ලා අස් කරගන්න ඕනෑ.
එහෙම තර්ජනයක් කළා කියන්නේ ඒ පුවත්පතේ අයයි.මේ සිද‍්‍ධින් ගැන සී .අයි.ඩී එක දැන් විමර්ශනයක් කරනවා.