(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයට පත් කරන්නේ කවුදැයි ජනාධිපතිවරයා ගේ තීරණය තවමත් කතානායකවරයාට දැනුම් දී නොතියබුණු බව කතානායක කාර්යාලය පවසයි.
මේ පිළිබඳව කතානායක කරුජයසුරිය මහතාගෙන් කළ විමසීමකදී කතනායකවරයා පැවසුයේ අගමැති හා ජනාධිපතිවරයා සාකච්ඡා කර මේ පිළිබඳ තීරණයක් ඉතා ඉක්මනින් දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.
මෙතෙක් නියෝජ්‍ය කතානායක ධුරය හෙබවු තිලංග සුමතිපාල මහතා ආණුඩුවෙන් ඉවත් වී ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති විය.
කෙසේ නමුදු නැවතත් තිලංග සුමතිපාල මහතාම එම තනතුරට පත් කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබල පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට ඇත.