‘විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති වීමේ හීනයකින් පෙළෙනවා. හැබැයි ඒ හීනය නම් හරි යන්නේ නෑ. ඔහු දවල්ට මිගෙල් ලෙස රඟපානවා. රෑට දැනියල් ලෙස රඟපානවා. දවල්ට මෛත්‍රීපාල හමුවෙනවා. රෑට මහින්ද හමුවෙනවා. ලබන ඡන්දෙන් එක්සත් ජාතික පක්ෂය දිනනවා. අගමැති රනිල් වික්‍රමසිංහයි. ඒක වෙනස් කරන්න අපිට බෑ. එතුමා කොහොමත් අගමැති. ‘ යැයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී කීවේය.
අද පාර්ලිමේන්තුව පැය එක හමාරකින් අවසන් විය.

