‘නිමල් සිරිපාල කාඩ්බෝඩ් සැන්ඩෝ කෙනෙක් වෙන්න හදනවා‘


මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගබඩා කර ඇති වී තොග ඉවත් කර ගැනිමට ගබඩා පහසුකම් සොයමින් සිටින බව වී අලවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු ඩබ්.ඕ තිලකරත්න මහතා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනිම සඳහා රජය තවත් රුපියල් මිලියන 200 ක් ලබා දී ඇති අතර ගුවන් භාණ්ඩ ගබඩාවේ ගබඩා කර ඇති වි මෙට්‍රික් ටොන් 4053 කි. 

හම්බන්තොට දිස්ත්‍රික්යෙන් වී මෙට්‍රික් ටොන් 13236 ක් යල් කන්න ගොවීන් 7802 දෙනකුගෙන් මිලදි ගෙන ඇති බවද ඔහු කියයි.

මේ අතර පසුගියදා නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන ඇමැති මත්තල ගුවන්තොටුපළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මත්තල වී ගබඩා කිරීමෙන් පාඩු සිදුව ඇතැයි කියන ප්‍රකාශයට පිළිතුරු දෙමින් වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ එහි වී ගබඩා කළේ තම මණ්ඩලය හා මත්තල ගුවන්තොටුපළ බලධාරීන් සමග ඇතිවූ අවබෝධතා ගිවිසුමක් අනුව බවයි. 

මේ අතර රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ නිමල් සිරිපාල ඇමැතිවරයාට ඔහු සිටි තැන අමතක වී ඇති බවයි. ඇමැති මණ්ඩල තීරණයක් අනුව මත්තගල වී ගබඩා කළ බවත් දැන් ඔහු කාඩ්බෝඩ් සැන්ඩෝ කෙනකු වීමට උත්සාහ දරන බවත් රංගේ බණ්ඩාර මහතා කීවේය.