(ඩයනා උදයංගනී ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)
ජපන් රජයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය මගින් සංවිධානය කරන ජගත් තරුණ නෞකා වැඩසටහන යටතේ වාර්ෂිකව ක‍්‍රියාත්මක කෙරෙන නෞකා සංචාරයේ නිරත ‘‘නිපෝන් මාරු’’ ජගත් මිත‍්‍රත්ව තරුණ නෞකාව අද (15) කොළඹ වරායට පැමිණියේය.
මෙම ලෝක තරුණ නෞකා වැඩ සටහන යටතේ සංචාරය සඳහා ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් 11 ක තරුණ තරුණියන් 242 දෙනෙකු සහභාගී වී සිටින අතර ජපානය, ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, මෙක්සිකෝව, මොසැම්බික්, ඕමානය, පේරු, පෝලන්තය, දකුණුඅපි‍්‍රකාව, ස්පාඤ්ඤය හා ශී‍්‍ර ලංකාව එම රටවල් වේ.
ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් 11 දෙනකු මෙම නෞකා සංචාරයට එක්ව සිටින අතර චමල් රන්දුණු තරුණයා එම කණ්ඩායමේ නායකයා වේ
මෙම නෞකාව ඉකුත් ජනවාරි 29 දා, ජපානයෙන් ගමන් ආරම්භ කළ අතර, පසුගිය 11 දා ඉන්දියාවේ නැංගුරම් ලා දින 03 ක් එහි ගත කර 13 දා යළි ගමන් අරඹා අද ශී‍්‍ර ලංකාවට ළඟා විය.
මෙම නෞකා සංචාරය 1980 වසරේදී ආරම්භ කර ඇති අතර එය 1996 වසරේ මෙරටට පැමිණි අවස්ථාවේ මහ බැංකු බෝම්බ පිපිරීම සිදුවූ බැවින් 2012 වසර දක්වා ශ්‍රී ලංකාවට නොපැමිණි අතර නැවත මෙරටට පැමිණිම ආරම්භ වූයේ 2012 දීය.
‘නිපෝන් මාරු’ නෞකාව මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ 13 වැනි වරටය.
එහි පැමිණි තරුණ කණ්ඩායම්වල නායකයින් අද දහවල් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර ඉන් අනතුරුව ඔවුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද හමුවීමට නියමිතව තිබිණි.
මෙම නෞකාව මෙම මස 17 වැනිදා පස්වරු 6.30 දක්වා කොළඹ වරායේ මගී ජැටියෙහි නැංගුරම් ලා තැබේ.
ඒ අතර කාලයේදී මෙහි සංචාරයට සහභාගි වන තරුණ තරුණියන් හෙට (16) කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන චාරිකාවකට සහභාගී වන අතර, ඉන්පසු කොළඹ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, අංගොඩ ජාතික සෞඛ්‍ය මානසික රෝහල, තිදොර ආයතනය, මිතුරෝ ආයතනය, හෙල්ප්ඒජ් ආයතනය, අපේ ගම පරිශ‍්‍රය, ස්වාධීන රුපවාහිනී සංස්ථාව, ශී‍්‍ර ලංකා කාන්තා හා සංවර්ධන සමූපකාර සංගමය, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය හා ශී‍්‍ර ලංකා යෞවන සමාජ සම්මේලනය යන ස්ථාන නැරඹීමට නියමිතය.
ලෝකයේ තරුණ තරුණියන් අතර, සංස්කෘතික, සාමාජීය හා දේශපාලනික අවබෝධයක් ඇති කර ගැනීමත්, අනෝන්‍ය අවබෝධය ගොඩනගා ගැනීම හා ඔවුන් තුළ නායකත්ව කුසලතා වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ජපන් කැබිනට් කාර්යාලය ම`ගින් මෙම ලෝක තරුණ මිත‍්‍රත්ව නෞකා සංචාරය සංවිධානය කර තිබේ.
ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන්, ජාතික ප‍්‍රතිපත්තිහා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.