පාසල් සිසුනට කබල් පොත් දී අලූත්ම පොත් ගම්පොළ පොත් කඩයකට විකුණු සිද්ධියක් ගම්පොළ පොලිසිය අද සොයා ගත්තේය. අලූත්ම පොත් 1050 ක් සමග පොත් සාප්පු සේවකයකු අත්අඩංගුවට ගත් පොලිසිය පොත් විකිණු පාසල සොයා යයි. ඉරී කඩතොලූ වී දුර්වර්ණ වූ පොත් බොහෝ දරුවන්ට දී ඇත.
රජයේ පොත් දෙනුයේ නොමිලේය.

