(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙය යැයි සලකා සැම එකාවන්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බවත් වෛරයෙන් , ක්‍රෝධයෙන් පිරුණු රටක ආණ්ඩු මාරුවීම්වලදී සිදු වන මහා පරිමාණ දේශපාලන පළිගැනීම් නැතිකර ජරාජිතයාටත් ජයග්‍රහකයාටත් මේ රටේ අභිමානයෙන් ජීවත් විය හැකි වටපිටාවක් සැදීම අද දවසේ දෙශපාලන වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
දේශපාලන පක්ෂ අතර බල අරගලය සමතයක් කර ගත යුතු බව කී ජනාධිපතිවරයා මෙවැනි බල අරගල වලින් අපේක්ෂා භංගත්වයට පත්වන බවද පැවසීය.
දුණයෙන්,වංචාවෙන් තොර රාජ්‍ය තන්ත්‍රයක් ඇති කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බවත් කෝටි දස ලක්ෂයක ණය බර ජනතාව මත නොපටවා කළමණාරණය කරමින් වේගවත් සංවර්ධනයකට කැපවිය යුතු බවද සඳහන් කළේය.