‘නැගී එන කලාකරුවන්ට අතදීමේ වැඩසටහනක් සකස් කරනවා’



 
 
(අංජුල මහික වීරරත්න)


නැගී එන කලාකරුවන්ට අත දීම සඳහා වැඩසටහනක් සකස් කරන ලෙස ජාතික තරුණ සේවා සභාවට සහ තරුණ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (3) පැවසීය.


කාලයෙන් කාලයට වෙනස් වන කලාවේ පරිවර්තනය නතර කිරීමට නොහැකි අතර සෑම සම්ප්‍රදායකම දක්ෂයින්ට අත දීම රජයේ යුතුකම බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය .


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.එච් .සරත් මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.


කොළඹ හොර්ටන් පෙදෙසේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී මෙම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්විණි.


එස්.එච්.සරත් මහතාගේ චිත්‍ර කලා දිවියේ 50 වැනි සංවත්සරය සමරමින්  “එස් .එච්. 50 “නමින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය නම් කර තිබිණි.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා