(සිතුම් චතුරංග)
තමන් වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා වන්නි දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක කාදර් මස්තාන් මහතා අද (17) පැවසීය.
නිදහස් පක්ෂයෙන් ඉවත්වීමේ ලිපිය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාට ඉදිරියේදී දැනුම්දෙන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ පිළිබඳ පැවසූයේ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයින්ගේ නාමයෝජනා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත බාරදීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදීය.

