‘නාමයෝජනා දෙද්දී මේ ගැනත් හිතන්න‘


ඉදිරි මහ මැතිවරණයෙන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා  ගැනීමේදී  සුපිරිසිදු  චරිත ගැන වඩා උනන්දුවක් දක්වන ලෙස එම පක්ෂවලට  බල කර සිටීමේ කතිකාවක්  අද (25) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

විවිධ වෘත්තිකයන් හා  සිවිල්  සංවිධාන එකමුතුවෙන්  මෙම ව්‍යාපාරය ආරම්භ වු  අතර  එය “සුපිරිසිදු  ප්‍රතිභාපුර්ණ අර්ථකථනයන්  සඳහා  වු මෙහෙයුම “ලෙස නම් කර තිබිණි.

ආචාර්ය එඩ්වින්  ආරියදාස, රියෙන්සි විජේතිලක,කෝනල් පෙරේර, නවීන් ගුණරත්න ඇතුළු මහත්වරු පිරිසක්  මෙහිදී  අදහස් දැක්වුහ.

 දේශපාලන විචාරකයෝ , විශ්ව විද්‍යෘල සිසුහු   හා මාධ්‍යවේදියෝ ද  මේ  පිළීබඳ තම තමන්ගේ  අදහස්  ද ඉදිරිපත්  කළහ.

RDS_3721 RDS_3729 RDS_3742 RDS_3708 RDS_3719