‘නාඩන් අම්මෙ නාඩන් මේවා ඇස් ඇති අයගෙ වැඩ‘


කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදික මංතීරුවල දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් වෙන් කළ තීරුවක් කහ වර්ණයෙන් සාදා ඇත.

මේ පිළිබඳව බොහෝ දෘශ්‍යාබාධිත පිරිස් නොදනී. ඒ සම්න්ධයෙන් දැනුම්වත් කිරීමක් සිදුකර නැතැයි ඔවුහු කියති. ඔවුන් පවසන්නේ මෙවැනි මංතීරු හඳුනාගැනීමට අපහසු බවත් ඒවා හඳුනාගැනීමටනම් පාවහන් නොමැතිව ගමන් කළ යුතු බවත්ය.

එම මංතීරුවල නෙරා සිටින සේ සකස්කළ කොටස්වලින් නැවතිය යුතු තැන්, පාර මාරුවන තැන් සම්බන්ධයෙන් දැනුම්වත් කෙරේ. නමුත් මේ සම්බන්ධයෙන් දෘශ්‍යාබාධිත පිරිස් දැනුම්වත් කර නැති බව කියති.

මේ හේතුවෙන් එම මාර්ගවල ගමන් කිරීමේදී තමන් දැඩි දුෂ්කරතාවයට පත්වන බවත් ඔවුහු කියති.

web1 web2