‘නවකවදය නැවැත්වීමට දැඩි නීති ගෙනවා’- විජයදාස



 
 
සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
 
මිනීමරු නවකවදය නැවැත්වීමට දැඩි නීති ළඟදීම ගෙනඑන බවත් නවකවදයට තමාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
 
දැඩි නීති ක්‍රියාත්මක කරද්දී සමාව ඉල්ලා ගෙන නොඑන්නැයි මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා කීය.