‘නවක ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබාදුන් පෙන්ඩ්‍රයිව් සඳහා වැය වු මුදල් වැටුපෙන් අය කිරීමට යයි


( අජන්ත කුමාර අගලකඩ)
 නවක ආයුර්වේද වෛද්‍යවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේදී ඔවුන්ගේ පුහුණු කටයුතු  සඳහා ලබා දුන්‘පෙන් ඩ්‍රයිව්‘ එක වෙනුවෙන් වැය වු රුපියල් 950 ක මුදල ඔවුන්ගේ වැටුපෙන් අය කර ගන්නැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව පළාත් ආයුර්වේද කොමසාරිස් නිතීපතිට දැනුම් දී ඇත.


ආයුර්වේද කොමසාරිස්වරයා වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරීවරයා පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ට ලිපියක්  යවමින් මෙම දැනුම් දීම කර තිබේ.


වැටුපෙන් අඩු කරගන්නා රුපියල් 950 ක මුදල රජයේ  ආදායමට බැර කර එහි බැර වාර්තාව ආයුර්වේද දෙපාර්තමේන්තුවට එවන ලෙසද එවු ලිපියේ දන්වා ඇත.


නවක ආයුර්වේද වෛද්‍යවරුන් 690 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මීට මාස  දෙකකට පමණ ඉහතදී සිදු වු අතර එහිදී එහිදී ඔවුන්ට එම ‘පෙන් ඩ්‍රයිව්‘ එක පිරි නැමිණි.